
කළු පැහැති දිග කලිසමක් පමණක් ඇඳ සිටි මෙම පුද්ගලයා කවුදැයි අද ගාලුමුවදොර සිටි අය මුලදී හඳුනාගත්තේ නැත.සිරුර වයස අවුරුදු 18ක පමණ පිරිමි පුද්ගලයෙකුගේ බව අනුමාන කළ අතර පසුව කළ සොයාබැලීමේදී කොට්ටාව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් මෙලෙස මියගොස් ඇතැයි හඳුනාගෙන තිබේ.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිරුර මේ වනවිට කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති බව පොලීසිය වැඩි දුරටත් සඳහන් කළේය.
අද පස්වරුවේ මෙම සිරුර සොයාගත් පසුව කොළඹ කොටුව පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ සාක්ෂිද ලබාගත් අතර මේ වනවිට පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙයි.


Comments
Post a Comment
Your comment will be visible after approval