train-incident-two-remanded

කොළඹ සිට කන්කසන්තුරය බලා ධාවනය වෙමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රියක සේවයේ යෙදී දුම්රිය ආරක්ෂක හමුදාවේ ආරක්ෂක නියාමක සැරයන්වරයකුට පාදවලින් පහරදීමෙන් අනතුරුව ඔහු බිමට වැටී මිය යම් සිද්ධියට සම්බන්ධ බව කියන යුද හමුදා සෙබළකු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු මේ මස 26වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත්වරිය පෙරේදා (23දා) නියෝග කළාය. මොරගොඩවැව, නොච්චියාගම පදිංචි යුද හමුදා සෙබළකු වන ජනක ප්‍රියදර්ශන සෙනරත් හා ශ්‍රාවස්ති පුර අනුරාධපුරය පදිංචි කේ.ඩී.උදාර ප්‍රසන්න යන දෙදෙනෙකු එසේ රීමාන්ඩ් භාරයට පත් කෙරිණි.

කොළඹ සිට කක්කසන්තුරය බලාඉකුත් (22දා) රාත්‍රියේ ධාවනය වූ දුම්රියක දුම්රිය මැදිරියක් තුළදී මත්පැන් පානය කිරීම හේතුවෙත් එසේ නොකරන ලෙසට අවවාද කළ බව කියන දුම්රිය ආරක හමුදාවි ආරක්සක නියාමක සැරයන්වරයෙකු වන ඉහළ යාගොඩ පදිංචිව සිටිෂර්ලි ලක්ෂ්මන් දිසානායක මහතාට පාදවලින් පහර දීමෙන් අනතුරුව වදුරව දුම්රිය ස්ථානය පසුකරයදී එයින් බිමට වැටී මිය ගොස් තිබිණි.

එම පහර දීමෙන් අනතුරුව ආරක්ෂක නියාමක සැරයන්වරයා බිමට වැටීමත් සමග එම දුම්රිය මගදිරියේ සිටි මගීන් පිරිසක් සැකකරුවන් දෙදෙනා අල්ලා මීරිගම දුම්රිය ස්ථානයේදී දුම්රිය නැවැත්වීම අනතුරුව ඔවුන් දෙදෙනා මීරිගම පොලීසියට භාරදී තිබිණි.සැකකරුවන් දුම්රිය මැදිරියක් තුළ මත්පැන් පානය කොට ඇති බවත් ඒ සිද්ධිය දුම්රිය ප්‍රවේශ පත්‍ර පරික්ෂාවේ යෙදී සිටි නිලධාරින් පිරිසක් දැක ඒ බව දුම්රිය ආරක්ෂක හමුදාවට දන්වා ඇති බව වේයන්ගොඩ පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සන් කේ.ඒ.ඒ.නන්දසිරි මහතා කරුණු දක්වමින් කියා සිටියේය.

එම දැනුම් දීමට අනුව මෙම දුම්රිය ආරක්ෂක නියාමක සැරයන්වරයා එම ස්ථානයට පැමිණි මත්පැන් පානය කරමින් සිටි පිරිසට එසේ මත්පැන් පානය නොකරන ලෙසට අවවාද කොට ඇති බවත් ඒ අවස්ථාවේ දෙපාර්ශ්වය අතර බහින්බස්වීමක් සිදු ඇති බවත් එහි දී සිදු කොට ඇති පහරදීමකින් ආරක නියාමකවරයාදුම්රියෙන් බිමට වැටී මිය ගොස් ඇති පරිමාවලදී හෙළි වී ඇති බවද පොලිස් සැරයවරයා කීය. මේ පිළිබඳව වැඩිදුරටත් පරික්ෂණ පවත්වාගෙන යන බවද පොලිස් සැරයන්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

නඩුව නැවත කැඳවීම මේ මස 23 වැනිදාට කල් තැබූ අතර එදිනට මේ සම්බන්ධව සාක්ෂි සටහන් කර ගැනීමටද නියම කැරිණි. වේයන්ගොඩ පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මහින්ද මහතාගේ උපදෙස් පරිදි එහි නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් කේ.ඒ.ඒ.නන්දසිරි මහතා පැමිණිල්ල මෙහයවීය.

  ආනන්ද ජයකොඩි