sri-lanka-test-victory

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ඉනිමක හා ලකුණු 39ක ජයක් අත් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. දෙරට අතර පැවති ටෙස්ට් තරඟාවලිය අවසන් වුණේ 1-1ක් ලෙස ජය පැරදුමකින් තොරවයි. 
දිනේෂ් චන්දිමාල්ගේ විශිෂ්ට පිතිහරඹය සහ සිය මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළ ප්‍රභාත් ජයසූරියගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන්
මෙම තරගය ජයගන්නට හැකි විය.


පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 554ක් රැස් කළේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිමේදී රැස්කළ ලකුණු 364ට පිළිතුරු ලෙසයි.
ෙමංගල ටෙස්ට් ද්විත්ව ශතකය වාර්තා කිරීමට  දිනේෂ් චන්දිමාල් සමත්වීම විශේෂත්වයකි. පන්දු 326කදී සිය ඉනිම ගොඩනැගූ චන්දිමාල් හතරේ පහර 16ක් සහ හයේ පහර 05ක් ඊට එක් කලේය. දිමුත් කරුණාරත්න ලකුණු 86ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 85 රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම සවිමත් කරන ලදි.
පළමු ඉනිමට වඩා ලකුණු 190ක් ඉදිරියෙන් සිටි ශ්‍රීලංකාවට එරෙහිව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සිය දෙවන ඉනිමේදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 151කි.
ඕස්ට්‍රේලියානු දෙවන ඉනිම බිඳ දැමූ ප්‍රභාත් ජයසූරිය ලකුණු 59කට කඩුලු 06ක් දවා ගැනීමට සමත් විය. සිය මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළ ප්‍රභාත් ජයසූරිය පළමු ඉනිමේදීද කඩුලු 06ක් දවා ගත් අතර සමස්ථ තරඟයේදී කඩුලු 12ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. ඒ අනුව තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමටද ඔහු සමත් විය. තරඟාවලියේ වීරයා ලෙස සම්මානය දිනේෂ් චන්දිමාල්ට හිමි වුණා.