
ජනපති ගෝඨාභය රාජපක්ෂ මේවනවිට ශ්‍රී ලංකාවෙන් පිට ස්ථානයක සිටින බවට කතානායක මහින්ද යාපා අබේවර්ධන සමග බීබීසීය පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී අද සවස ප්‍රකාශ කර තිබූ නමුත් පසුව ඉන්දීය මාධ්‍ය නාලිකාවක් වන ඒ.එන්.අයි යළි ඒ ගැන විමසීමේදී තමා බීබීසීයට වැරදීමකින් ඒ ගැන කියූ බවත් ජනපති ඉන්නේ රට ඇතුලේ බවත් කියා සිටියි.
මහින්ද යාපා අබේවර්ධන තොරතුරු සගවමින් කතාකරන ආකාරයක් මේ අනුව පෙනී යයි.
බීබීසියට ඔහු ඇත්ත කියූ අයුරු පහත පරිදිය.
ප්‍රශ්නය:- දැන් ජනාධිපතිතුමා කොහෙද?
පිළිතුර: මේ වන විට ඔහු ළඟම රටක කොහේ හරි ඉන්නවා.
ප්‍ර: ඔහු ලංකාව හැර ගියාද?
පිළිතුර: ඔව්.
ප්‍ර: ඔහු නැවත පැමිණීමට අදහස් කරනවාද?
පිළිතුර: ඔව්. ඔහු නැවත පැමිණෙන්නේ ... අඟහරුවාදා ... බදාදා ඔහු මෙහි සිටිනු ඇත.
ප්‍රශ්නය: සහ ඔහු ඉවත් වන්නේ කවදාද? 13 වෙනිදා?
A: 13 වැනි. ඔව්.
ප්‍ර: බදාදා?
පි: එතුමා මට කිව්වා 13 වැනිදා අයින් වෙනවා කියලා.
දෙවනුව ඒඑන්අයි පළ කරන වාර්තාව

Comments
Post a Comment
Your comment will be visible after approval