rupavahini-itn-protest

අද ජුලි 13 වනදා අරගලකරුවන් ජාතික රූපවාහිනී පරිශ්‍රයට පැමිණ විරෝධය දැක්වූ අතර පසුව ඔවුන් රූපවාහිනියේ සජීවීවැඩසටහනකට කැඳවා ප්‍රකාශයක් සිදු කර තිබේ. මින් ඉහත පසුගිය 9 වනදා දෙරණ නාලිකාවට පැමිණි කණ්ඩායමක්  සිදු කළ ආකාරයට ජාතික රූපවාහිනියේ කතාව පැවැත්වූ දෙන්නා
දවල් 1 ට බ්‍රේකින් නිවුස් ලෙස පෙන්වූ විශේෂ ප්‍රවෘත්ති විකාශයකට එක්වෙමින් 

මෙම ප්‍රකාශය කර තිබුණි. එහිදී
කියා සිටියේ මින් පසු ජාතික රූපවාහිනිය ජනසතු බවත් ඉදිරියට එක් එක් දේශපාලන නායකයින්ට කඩේ යමින් ඔවුන් තනතුරු වලට පත් කරන්නට නොහැකි බවත්ය. ඒ අනුව රටේ නිසි රජයක් පිහිටුවනතුරු තමන්ගේ වාණිජ නොවන සියලු වැඩසටහන් ‘කඩේ යාම‘ නතර කර අරගලකරුවන්ගේ හඩ වෙනුවෙන් පවත්වා යුතු බවයි.

ජාතික රූපවාහිනිය අරගලකරුවන් අල්ලාගත් බවද එහිදී පැවසිණි.
ඒ අනුව 1.30 පමණ සිට මිනිත්තු 45 ක පමණ කාලයක් රූපවාහිනියේ වර්ණ තිර පමනක් දිස්ව විකාශන කටයුතු නතර කර තිබූ අතර පසුව පොහොය වෙනුවෙන් සුපුරුදු වැඩසටහන් ඇරඹිණි
මේ අතර ස්වාධින රූපවාහිනී සේවය (ITN) අද පිරිස් වටළන ලද අතර එම විකාශය මැදට කිසිවෙකු ආවේ නැතිනමුත් පස්වරු 2.05 පමණ සිට විකාශය අහවර කර වර්ණ තිර දිස් විය.ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ITN, වසන්තම් TV, ලක්හඬ ගුවන්විදුලිය, වසන්තම් FM ඇතුළු සියලු විකාශන කටයුතු තාවකාලිකව නවත්වා තිබෙන බව ඔවුනගේ සමාජ මාධ්‍ය පිටු තහවුරු කර තිබේ.


ජාතික රූපවාහිනියට අදාළ වීඩියෝව පහතින්