national-television-captured

විරෝධතා කරුවන් අද දිනයේ ජාතික රූපවාහිනියට හා ස්වාධීන රූපවාහිනි පරිශ්‍රයට ගමන් කර කලබල ඇති කර තිබේ.


ජාතික රූපවාහිනී බලය අරගල කරුවන් විසින් අත්පත් කරගත ගෙන එහි මැදිරියට පිවිසී සජීවී කතාවක් සිදුකර ඇති අතර පසුව විකාශයන කටයුතු අත්හිටුවන්නට පාලක මැදිරිය කටයුතු කර තිබේ.

ජාතික රූපවාහිනී සංස්ථාවට හා ගුවන්විදුලි සංස්ථාවට කමාන්ඩෝ රෙජිමේන්තුවට අමතරව හමුදා බළ ඇණියක් හා පොලිස් කණ්ඩායම් ඊයේ (12) සිට යොදවා ආරක්ෂාව තර කර තිබුණි.