ranil-must-resign-dhammika

අගමැති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධූරයෙන් වහා ඉල්ලා අස්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පවසයි.

“රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිවරයා ලෙස කරන මේ සෙල්ලම නතර කළ යුතුයි, ඩොලර් ආදායම් ව්‍යාපෘති සියල්ල නවත්වනවා, ඔහුට සැලසුමක් නැහැ” යැයි අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පැවසීය.

රනිල් ලංකාවට ලැබිය යුතු ඩොලර් හිතාමතාම අවහිරවන ලෙස කටයුතුකරන බවත් මේ සඳහා තමාට සාක්ෂි සහිත කරුණු ඇති බවත් අවශ්‍ය නම් තර්ක කරන්නට එන ලෙසත් දක්වන ධම්මික පෙරේරා මහතා මෙම කාරණාව තමා සංකීර්ණ ලෙස දන්වා ලිපියක්ද මේ සමග නිකුත් කරන බව කියා සිටියේය.
රටට ඩොලර් මිලියන 30 ක් උපයාගත හැකි ලෙස විදෙස් ශ්‍රමිකයින් ඩොලර් ලක්ෂය බැගින් රැගෙන පෝලිමේ සිට ආයෝජනය කරන්නට උත්සාහ කරන අවස්ථාවේ රනිල් එය පැත්තක තබා අවහිර කිරීම නිසා කෝපයට පත්ව ධම්මික පෙරේරා මහතා මේ කරුණු කීවේය.
රටට වන හානිය බල බලා සිටින්නට බැරි බවත් තමුන්ද අරගලය වෙනුවෙන් මෙම මොහොතේ එක්වන බවත් ඔහු විශේෂ කතාවක් කරමින් අද (6) දහවල් පැවසීය. රනිල් අගමැති ලෙස මට ප්‍රශ්නයක් නැහැ නමුත් මුදල් ඇමති ලෙස සැලසුමක් නැතිව කටයුතු කරන්නේ ඔහු පැවසීය.
ඔහු කළ කෙටි කතාවේ විඩියෝව පහතින්