
මේ දක්වා කිසිදු විරෝධතාකරුවෙකුට ළඟා වීමට අපහසු ස්ථානයක් බවට පත්ව තිබූ ජනපතිවරයා වාසය කරන හා මේ දිනවල කාර්යාලය ලෙස පවත්වා යන කොටුව ජනපති මන්දිරයේ පිවිසුම් දොරටුව අසල විරෝධතාවක නිරතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුලු පිරිසක් ටික වේලාවක් විරෝධය දැක්වීමෙන් පසුව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සජබ වනිතා කන්ඩායම වෙනුවෙන් කාන්තාවන් කිහිපදෙනෙකු සමග පිරිසක් අද පෙරවරුවේ සිට මෙම විරෝධතාව ආරම්භ කර තිබුණි.
ඇය ‘ගෝඨා වරෙන් එලියට... මං මෙතන්ට ආපු විදිහ අහන්න එපා.. උඹලා හිතුවෙ නැහැ නේද මට මෙතන්ට එන්න පුළුවන් වේවි කියලා.. ආදී ලෙස මෙහිදී කෑ ගසමින් සිටි අතර ආරක්ෂක නිලධාරිනියන් නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් ඇය ආසන්නයේ ගේට්ටුව ඇතුළත සිට ඇය ඇතුළට ඒම වළක්වා තිබුණි.
“පුළුවන්නම් මට වෙඩි තියපං මං බය නැහැ‘ ලෙසද ඇය කියා සිටියාය.
කොළඹ ජනාධිපති මන්දිරය ඉදිරියේ විරෝධතාවයක නිරත හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුලු අය අත්අඩංගුවට ගත් බව අනතුරුව වාර්තා විය.
අත්අඩංගුවට ගත් ඇයව මේ වන විට පොලිස් බස් රථයක නංවාගෙන වරාය පොලීසිය වෙත රැගෙනගොස් ඇතැයි වාර්තාවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval