
රනිල් වික්‍රමසිංහගේ ජනපති ධූරය යටතේ ඊළඟ අගමැති ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා තෝරාගෙන ඇතැයිද ඔහු හෙට 22 දා අගමැති කාර්යාලයේදී නව අගමැතිවරයා ලෙස දිවුරුම් දෙනු ඇතැයිද වාර්තාවේ.
ඒ සමග නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට (22) උදෑසන 09ට සිදු කෙරෙන බවද වාර්තාවේ.
නව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට එය සිදු කෙරෙන්නේ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදීය.
නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී දිවුරුම් දුන්නා. එමෙන්ම සමන් ඒකනායක ජනාධිපති ලේකම්වරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කරනු ලැබ ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval