
මියගිය සැකකරු 37 හැවිරිදි තලගස්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඊයේ (23) පැමිණිල්ලක් විභාග කිරීම සඳහා පිටිගල, තලගස්පේ මාහේන ප්‍රදේශයට ගොස් සිටි පොලිස් නිලධාරියෙකුට මෙම සැකකරු කැත්තකින් පහරදී තුවාල සිදුකර තිබූ අතර ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට පිටිගල පොලීසියේ නිලධාරීන් ගොස් තිබුණි.
එම අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගැනීමට යෑමේදී මෙම සිද්ධිය ඇතිවී තිබේ.
පොලීසිය සඳහන් කළේ එම සැකකරුට එරෙහිව වයස අවුරුදු 9ක දැරියක් බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් බලපිටිය අධිකරණයේ නඩුවක් විභාග වෙමින් ඇති බවය.
තවත පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට අදාළව ද ඇල්පිටිය අධිකරණයේ නඩුවක් විභාග වෙන බවත් පොලීසිය පැවසීය.
නිවේදනය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval