
අද (07) උදෑසන තෙල් පෝලිමක සිදුවූ තවත් මරණයක් කළුතර පයාගල ප්‍රදේශයෙන් වාර්තා විය. පයාගල ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන ලබාගන්නට පෝලිමේ ත්‍රී රෝද රථය නවතාගෙන සිටි 60 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගියේය. ඔහු පෝලිමේ සිටියදී හදිසි අසනීප ලක්ෂණ පෙන්නුම් කළ පසුව පිරිස එක්වී ඔහුව කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් අතර පසුව රෝහලේදී මියගියේය.
මිය ගිය අය මොරටුව පදිංචි කරුවෙකු බවත් තෙල් සොයාගෙන කළුතර පයාගල වෙත පැමිණ තිබූ බවත් හෙලි විය. ඔහු අසනීප වූ අවස්ථාවේ රෝහල් ගතකිරීමට ඉන්ධන සහිත වාහනයක් සපයාගැනීම පවා දුස්කරවූ බව පෝලිමේ සිටි අය හෙලි කර තිබේ. 60 හැවිරිදි වියෙහි පසුවූ මියගිය අය අධික ආතතිය හා තෙහෙට්ටුව නිසා නිදන් ගත හෘද රෝගයක් උත්සන්නවී මරණයට පත්ව ඇතැයි රෝහල් ආරංචි හෙළි කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval