
ජාතික ජනබලවේගයේ රැස්වීමක් ඊයේ රාත්‍රී ගාල්ලේදී පැවති අතර එහිදී අදහස් දක්වා ඇති ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට පාර්ලිමේන්තු පක්ෂ එක්වී තීරණය කරන්නේ නම් කොන්දේසි සහිතව සහය වන බව දන්වා සිටියේය.
එවැනි ආණ්ඩුවක් මාස 6 ක් වැනි නිශ්චිත කෙටි කාලයකට පිහිටුවීම අවශ්‍ය බවත් ජනපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුව ඉවත්ව එය පිහිටුවීම අවශ්‍ය බවත් කොන්දේසි ලෙස ඔහු සඳහන් කළේය.
ඊයේ රාත්‍රී රමඩා හෝටලයේ පැවති සර්ව පාක්ෂික අරගලකරුවන් හා සජබ,ශ්‍රීලනිප ඇතුළු විපක්ෂ මන්ත්‍රී කන්ඩායම් අතර සම්මුතියක් සඳහා වූ රැස්වීමට ජනතා විමුක්ති පෙරමුණ සහභාගිවී සිටියේ නැත.
Comments
Post a Comment
Your comment will be visible after approval