මේ දිනවල (2022 ජුලි මැදසිට) ලෝකයේ වඩාත් බහුලම කොරෝනා ප්‍රභේද දෙක Omicron BA.5 හා BA.4  අනුවාද බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. එක්සත් ජනපදය සලකන්නේ නම් රටේ කොවිඩ් රෝගීන්ගෙන් 54% කට ආසන්න ප්‍රමාණයක් BA.5 ලෙස හඳුන්වන කොරෝනා වයිරස් උප ප්‍රභේදය වේ. ඊට ආසන්න පෙර කාලයේ පැතිර ගිය සමාන උප ප්‍රභේදය BA.4 ට වඩා නව ප්‍රභේදය 17% වැඩි වේ.

ඩියුක් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ මානව එන්නත් ආයතනයේ මහාචාර්ය ඩේවිඩ් මොන්ටෙෆියෝරි පැවසුවේ “පැහැදිලිවම BA.5 ඔමික්‍රෝන්හි පෙර ප්‍රභේදවලට වඩා බෝවන බවයි. එසේම මෙම උප ප්‍රභේද දෙක මින් පෙර ඒවාට වඩා පහසුවෙන් වැළඳෙන අතරම එන්නත් ගැසූ අයට බේරීමට අමාරුය. එසේම පෙර ආසාදන වූවන් නැවත ආසාදනයවීමද සුලබය.

ඔහු ඇස්තමේන්තු කළේ BA.4 සහ BA.5, omicron ප්‍රභේදයේ මුල්ම එක වන BA.1 ට වඩා දැනට පවතින Covid එන්නත් වලින් ප්‍රතිදේහ උදාසීන කිරීමට තුන් ගුණයකින් අඩු සංවේදී බවයි.



යුනිවර්සිටි කොලේජ් ලන්ඩන් ජාන විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ Francois Balloux පැවසුවේ උප ප්‍රභේදයන් නැවත නැවත බිහිවීම මෙම ලක්ෂණ මතු කර ඇති බවයි.

ඇමරිකාවේ ආහාර සහ ඖෂධ පරිපාලන ආයතනය පසුගිය සතියේ BA.4 සහ BA.5 සෘජුවම ඉලක්ක කරමින්  Pfizer සහ Moderna වෙතින් ලබාදෙන බූස්ටර මාත්‍රා වෙනස් කිරීමටද නිර්දේශ කළේය.

Pfizer පවසා ඇත්තේ BA.4 සහ BA.5 ඉලක්ක කර ගනිමින් යාවත්කාලීන කළ එන්නතක් ඔක්තෝම්බර් මාසයේදී බෙදා හැරීමට සූදානම් කළ හැකි බවයි.

BA.4 සහ BA.5 හි වඩාත් පොදු රෝග ලක්ෂණ ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ
  1. නාසයෙන් දියර ගැලීම,
  2. උගුරේ අමාරුව,
  3. හිසරදය,
  4. නොනැසී පවතින කැස්ස  
  5. තෙහෙට්ටුව

Zoe COVID රෝග ලක්ෂණ අධ්‍යයනයේ දත්ත වලට අනුව, සමීක්ෂණයට ලක් කළ පුද්ගලයින්ගෙන් තුනෙන් එකකට අඩු පිරිසක් උණ වාර්තා කර ඇත.
මෙම ලක්ෂණ BA.2 උප ප්‍රභේදයහමුවේ එක්සත් රාජධානියේ මින් පෙර වාර්තා වූ රෝග ලක්ෂණ සමඟ සමාන බවද වාර්තා කර තිබේ.


එන්නත් සමාගම් මේවාට එරෙහි විය හැකි නව අත්හදාබැලීම් සිදුකරමින් සිටින නමුත්  විශේෂඥයින් අවධාරණය කළේ වත්මන් එන්නත් සහ ඔමික්‍රොන් විශේෂිත එන්නත් වල අතිරේක වැඩි කිරීම් අතර ආරක්ෂාවේ විශාල වෙනසක් නොතිබිය හැකි බවයි. දරුණු රෝගාබාධ සහ මරණය වැළැක්වීම සඳහා වත්මන් එන්නත් තවමත් හොඳින් ක්‍රියා කරයි.නමුත් රෝගය බෝවීම වැළැක්වීමට ඒවාට පුළුවන්වී නැත.



"වෛරසය වැඩි වැඩියෙන් අපගේ එන්නත් වලින් ගැලවීමේ දිශාවකට ගමන් කරයි, නමුත් එය එන්නත් වලින් සැබවින්ම සැලකිය යුතු මට්ටමකට ගැලවීමට ක්‍රමයක් සොයාගෙන නැත," මොන්ටෙෆියෝරි පැවසීය.

"ඔබේ අවසාන මාත්‍රාව ලබැගැනීම මාස හයකට පෙර සිදු වූවා නම්, අපි තවමත් මෙම වසංගතය හරහා ගමන් කරන බැවින් ඔබේ ආරක්ෂාව ශක්තිමත්ව තබා ගැනීම සඳහා වත්මන් එන්නත සමඟ දැන් නැවත එක්වීමට ඔබට අවශ්‍ය විය හැකිය," මොන්ටෙෆියෝරි පැවසීය.

වේගයෙන් පැතිරෙන නිසා පැතිර යන BA.5 මෙම වසර අග දක්වාම ආධිපත්‍යය දරනු ඇති බවට අනාවැකි පළව තිබේ.

(එන්බීසී පුවත්සේවය ඇසුරිනි)