president-house-money

කොටුව ජනපති මන්දිරය ජනතාව අත්පත් කරගැනීමෙන් පසු එය නරඹන්නට ආ පිරිස් සම්බන්ධ විවිධ මෙහෙයුම් පොලිසිය දැන් අරඹා ඇති අතර අද පොලිසිය වාර්තා කරන්නේ මන්දිරයේ මුදල් ගණං කරමින් සිටි පුද්ගලයා ඇල්ලූ බවයි.ඊට අදාළ වීඩියෝ පටයක් ඇසුරින් අත්අඩංගුවට ගැනීම සිදු කළ බවද කියයි.


මෙම වීඩියෝ පට මුදාහරින්නේ අදාළ කණ්ඩායමේ අයම වන අතර පොලිසිය ඒ අයගේම සාක්ෂි තුළින් ඒ අය අල්ලන්නට කටයුතු කර ඇති බවක් පෙන්නුම් කරයි.


මින් ඉහත වාර්තාවී තිබුනේ මුදල් ගණං කිරීමේ අවස්ථාවේ ඒ අසළ ආරක්ෂාවට සිටි සෙබළෙකුද සිටි බවයි. එසේම මෙම මුදල් ප්‍රමාණය එසේ ගණං කිරීමෙන් පසු කොටුව පොලිස් ස්ථානාධිපතිවරාය වෙත භාරදිමට එම සෙබළා සහ ගණං කළ අය කටයුතු කළ බවත් ලක්ෂ 168 ක මුදලක් එහි තිබූ බවත් වාර්තාවී තිබුණි.


සිද්ධිය සම්බන්ධ පොලිස් නිවේදනය පහතින්