kandakadu-missing-44

 කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළා ගිය රැඳවියන් 44ක් තවමත් අතුරුදන්ව සිටින අතර, ඔවුන් පිළිබඳ කිසියම් තොරතුරුක් වෙතොත් වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම්දෙන ලෙස වැලිකන්ද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කන්දකාඩු පුනරුථාපන මධ්‍යස්ථානයේ පසුගිය (29දා) ඇති වූ නොසන්සුන්කාර් තත්වයත් සමග එහි රැඳවිය 700කට වැඩි පිරිසක් පළා ගිය අතර, ඉන් පුද්ගලයන් 679ක් මේ වනවිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකි වූ බවද පොලීසිය පවසයි. එසේම තවත් රැඳවියන් 272 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳී සිට ඇත. අතුරුදන්ව ඇති 44දෙනා පිළිබඳ කිසියම් තොරතුරක් දන්නේ නම්, 071-8591235 යන වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයාගේ දුරකථන අංකයට හෝ 027 2253143 යන වැලිකන්ද පොලීසියේ දුරකථන අංකවලට දැනුම් දෙන ලෙසද පොලීසිය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියි. අතුරුදන් වූ රැඳවියන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත්, මෙම අතුරුදන් වූ පිරිස් ඔවුන්ගේ නිවෙස් හෝ ඥාති නිෂ්ඵල සැඟ වී සිටිය හැකි බවත් පවසා සිටි වැලිකන්ද පොලිස් ස්ථානාධිපති, පොලිස් පක්‍ෂක සමන්ත රත්නායක මහතා, ඔවුන් සඟවාගෙන නොසිට වහාම පොලීසියට භාරදෙන ලෙසත් වැඩිදුරටත් සඳහන් කළේය.