july9-aragalaya

ගාලු මුවදොර අරගලකරුවන් සහ විපක්ෂයේ දේශපාලන නියෝජිතයින් පිරිසක් අතර පොදු සම්මුතියක් සඳහා එකඟතාවක් ඇති කර ගන්නා ලදි.
අරගලය දිනවන සම්මුතිය නමින් කොළඹ දී සංවිධාන කෙරුණු ඒකාබද්ධ මහා සමුළුව සඳහා අරගලභූමියේ ක්‍රියාකාරී කණ්ඩායම එක්පසකින්ද සජිත් ප්‍රේමදාස, චම්පික රණවක, මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර, අනුර ප්‍රියදර්ශන යාපා, මනෝ ගනේෂන්  ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අනෙක් පසින්ද වාඩිවී පොදු සම්මුතියකට එක්ව සටන් කරන්නට ගිවිස ගන්නා ලදි.


එහිදී අරගලකරුවන්ගේ පාර්ශ්වය වෙනුවෙන් කරුණු 04කින් සමන්විත සම්මුතියක් සභා ගත වූ අතර ඊට සියලු දෙනාගේ අනුමැතිය හිමිවිය.
එම කරුණු 4 කින් යුතු සම්මුතිය නම්
1. ගෝඨාභය රාජපක්ෂ වහාම විධායක ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතුය.
2. රනිල් වික්‍රමසිංහ, රාජපක්ෂ රෙජීමය ඇතුළු ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතුය.
3. ජනතා අරගලයේ ආර්ථික, සමාජයීය, දේශපාලන අරමුණු සහ අභිප්‍රායයන්ට අනුකූල අන්තර්කාලීන පාලනයක් බිහිවිය යුතුය.චෝදනා එල්ලවන කිසිවෙකු ඊට අයත් නොවිය යුතු අතර වසරක් තුළ පුරවැසි ගැටලු විසදිය යුතුය.
4.19 වන සංශෝධනයේ හිතකර අහිතකර ලක්ෂණ වෙන් කොට හදුනාගෙන විධායක බලතල කප්පාදු කරන 19 ප්ලස් යෝජනාවක් සම්මත කළ යුතුය.
ජුලි 09 ට පෙර රජය මෙම ක්‍රියාමාර්ග පිළිගෙන ඉවත් නොවන්නේ නම් අඛණ්ඩ මහජන අරගලයක් සියලු පාර්ශව සමග එක්ව ක්‍රියාත්මක වනු ඇති බවද ප්‍රකාශ විය.