july13-gotabaya-resignation

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ට පක්ෂ නායක තීන්දුව අනුව ඉල්ලා අස්වන ලෙස කතානායකවරයා අද (09) රාත්‍රී දැනුම් දුන් අතර ඊට පිලිතුරු සපයමින් ජනපතිවරයා දන්වා ඇත්තේ ලබන 13 වන බදාදා තමන් ජනපති ධූරයෙන් ඉල්ලා අස්වන බවයි.


ඒ අනුව ව්‍යවස්ථාවෙන් නියම කර ඇත්තේ ලබන 13 සිට සතියක අවම මාසයක උපරිම කාලයකට ජනපති ධූරයේ වැඩ බැලීම කතානායක විසින් බාරගන්නා බවත් අනතුරුව පාර්ලිමේන්තුවට රජය පවත්වා යාම භාර දීමයි. අද දින සාකච්ඡාව අනුව සර්ව පාක්ෂික භාරකාර රජයක් සැලසුම් කර රටභාරදීමට යෝජනාවී ඇත.
වැඩ බලන ජනාධිපති ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන  සතියක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවා නව නායකයෙකු පත් කර නව රජයක් පත්කරනු ඇති අතර රට ගොඩනැගීමේ නව වැඩපිලිවෙල ඔවුන්ට බාරදෙනු ඇත.


69 ලක්ෂයක ඉහළ ඡන්ද ප්‍රමාණයකින්  ජනපතිවරණය ජයගත් ගෝඨාභය රාජපක්ෂ යටතේ පසුව තුනෙන් දෙකක් සහිත ප්‍රබල රජයක් පිහිටුවන්නට හැකියාව ලැබුණද වසර 2 ක් වැනි කෙටි කාලයක් තුළ ජනතා අප්‍රසාදයට ලක්ව බලය අතහැර යන්නට ඔහුට සිදුවිය.
ජන අරගල හේතුවෙන් මහින්ද රාජපක්ෂ මැයි 09 වනදාත් බැසිල් රාජපක්ෂ ජුනි 09 වනදාත් ගොඨාභය රාජපක්ෂ ජුලි 09 අරගලය අනුව 13 වනදාත් ඒ අනුව තනතුරු අතහැර යනු ඇත.