
අද (11) සඳුදා දිවයින පුරා පොදු ප්‍රවාහන කටයුතු වෙනදාට වඩා ඉතාඅඩු මට්ටමින් පැවති බවට වාර්තා ලැබී තිබේ. ලංගම බස් රථ ධාවනයට යොදා තිබුණත් පුද්ගලික බස් රථ ඉන්ධන ප්‍රශ්න නිසා ධාවනය වූයේ අඩුවෙනි.
ජනතාව බොහෝ වේලා බස් නැවතුම් වල රැඳී සිටින බව උදෑසන සිට වාර්තාවී තිබේ.අඩුවෙන් ගමන් කරන බස් රථවල සෙනග තෙරපෙමින් ගමන් ගත් අයුරුද වාර්තා විය.
මේ අතර හෝමාගම - පිටකොටුව 138 බස් රථ වර්ජනයක්ද ආරම්භ කර තිබේ. ඊට හේතුවී ඇත්තේ බස් 80 කට වඩා ධාවනයේ යොදා ඇති මෙම මාර්ග ඒකකයේ සීමිත බස් කිහිපයකට පමණක් ඉන්ධන ලබාදිය හැකි බවට අයිඕසී සමාගම දන්වා සිටීමය.
අද දින දුම්රිය සියල්ල සාමාන්‍ය පරිදි ධාවනය වූ නමුත් අධික තදබදයකින් යුතු විය. මීට හේතුවී ඇත්තේ පොදු හා පුද්ගලික අනෙකුත් ප්‍රවාහන මාධ්‍ය ඉන්ධන ගැටලු නිසා අඩාලවී ඇති නිසා ඒවායේ මගීන්ද සුපුරුදු මගීන්ට එකතුවීමයි.
හෙට 12 සිට දුම්රිය ගාස්තු සංශෝධනයක් ගැන කථාබහක් පසුගිය දිනවල මතුවූ නමුත් එය හෙට 12 සිද්ධ නොවන බවත් නීතිමය ගැටලුවක් නිසා කල්දමා ඇති බවත් මේ අතර වාර්තා විය.
Comments
Post a Comment
Your comment will be visible after approval