
රටේ ආර්ථික අර්බුදය විසඳන්නට දේශපාලකයින් දක්වන අසමත්භාවය හේතුවෙන් ලබන ජුලී 09 සෙනසුරාදා අරගලකරුවන්ගේ දැවැන්ත විරෝධයක් සංවිධානය වෙමින් පවතී.
මේ වනවිට ‘9 වනදා රටම කොළඹට‘ යනුවෙන් සමාජ මාධ්‍ය ප්‍රචාරණ කටයුතු, ස්ටිකර් ව්‍යාපාර, අත්පත්‍රිකා ව්‍යාපාර ආරම්භවී ඇති අතර ගාලු මුවදොර වෙත උදෑසන පැමිණෙන්නැයි දන්වා ඇත. මෙම විරෝධය ශක්තිමත්කිරීමට අන්තර් විශ්ව විද්‍යාල සිසුන් 8 වනදා රෑ සිට අරගල භූමියේ පෙළ ගැහෙන බවද එක් නිවේදනයක දැක්වේ.
මේ අතර ප්‍රංශයේ ලන්ඩනයේ හා ඕස්ට්‍රෙලියාවේ ශ්‍රී ලාංකිකයින්ද මීට සමගාමීව එදින විරෝධතා සංවිධානය කර ඇති බව දැනගන්නට ලැබේ.
රටපුරා ව්‍යසනයක් ඇතිකරවන්නට හේතුවූ අරගල බිමට ප්‍රහාර දියත්වූ මැයි 09 අවාසනාවන්ත සිදුවීම් සිදුවී මාස 2 ක් සපුරන්නේද සෙනසුරාදාටය.










Comments
Post a Comment
Your comment will be visible after approval