
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් කොවිඩ් -19 සඳහා ධනාත්මක වූ බව ධවල මන්දිරය ප්‍රකාශ කරයි.
ඔහු මන්දිරය තුළ හුදෙකලා කර ඇතැයි සදහන්වේ.
79 හැවිරිදි ජනපතිවරයා කොරෝනා සඳහා සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති අයෙකි.
සාමාන්‍ය එන්නත් දෙක සහ සහ දෙවරක් බූස්ටර්මාත්‍රා වශයෙන් ඔහු මාත්‍රා 4 ක් එන්නත ලබා ඇති අයෙකි.
ජනපතිවරයා "ඉතා සරල මට්ටමේ රෝග ලක්ෂණ" අත්විඳින බවත් ඔහුගේ සියලු රාජකාරි දිගටම කරගෙන යන්නට හැකි බවත් මාධ්‍ය ලේකම් කැරීන් ජින් පියෙරේ පවසා තිබේ.
මේ අතර ජනාධිපතිවරයා ප්‍රතිවෛරස් ඖෂධයක් වන Paxlovid ද පානය කරමින් සිටින බව ජින් පියෙරේ වැඩිදුරටත් සඳහන් කරයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බයිඩෙන් මහතා කියා සිටියේ ඔහු "විශිෂ්ට" සෞඛ්‍යයකින් සහ "කාර්යබහුලව සිටින" බවයි.
ධවල මන්දිර ප්‍රොටෝකෝලයට අනුකූලව ජනාධිපතිවරයා ඍණාත්මක බව පරීක්‍ෂා කරන තෙක් හුදකලාවේ වැඩ කරන බව ජීන් පියරේ මහත්මිය පැවසුවාය.
ඔහුගේ බිරිඳ ජනාධිපති ආර්යාව ජිල් බිඩෙන් පැවසුවේ ඇගේ කොරෝනා පරීක්ෂණය ඍණාත්මක වූ බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval