
ඊයේ (20) ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ තෝරාපත් කරගැනීමේදී සමගි ජන බලවේගයේ කොටසකගේද සහය ලබාදී ඇති බව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පැවසීය.
සජබ මන්ත්‍රීවරුන්ගෙන් සිංහල 6 ක් හා මුල්ලිම් /දෙමළ 8 ක් එනම් එකතුව 14 ක් මෙම සංඛ්‍යාව තුළ සිටින බවද ඔහු දන්වා සිටියේය. නමුත් කවුරුන්දැයි කීවේ නැත.
මෙම සිංහල 6 දෙනා ඇතුළත හරින් මනුෂ හා ඩයනා සිටිනවාදැයි ඔහු පැහැදිලි නොකළේය.
ඩලස් අලහප්පෙරුම ප්‍රතිවාදී අපේක්ෂකයාට අපේක්ෂිත සජබ ඡන්ද ප්‍රමාණය අඩුවීම ගැන විශාල සැකයක් ඊයේ සවස ඇතැමුන් පළ කර තිබුණි.
වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පවසා තිබුනේ සජබ ඡන්ද දන බව පවසමින් රැවටීමක් කර තිබූ බවයි.
ජනපති ඡන්ද විමසුම අවසන්වූ පසු අපේක්ෂකයෙකු ලෙස තරග කළ ජවිපෙ නායක අනුර කුමාර පාර්ලිමේන්තුවේ සියල්ලන් ඉදිරියේ කියා සිටියේ පක්ෂ වශයෙන් ඩලස්ට සහය දෙන බවට ප්‍රසිද්ධ කළත් ඒ ඒ පක්ෂ ඇතුළේ අය මුදලට බිලිබාගෙන ඇති බවත් ඒ අනුව විකෘති ප්‍රතිඵලයක් අවසන් ලෙස පෙන්නුම් කළ බවත්ය.
Comments
Post a Comment
Your comment will be visible after approval