
හදිසි නිති රෙගුලාසි පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් අද(27) සම්මත විය. ඒ අනුව, පක්ෂව ඡන්ද 120ක් හිමිවූ අතර විපක්ෂව ඡන්ද 63ක් හිමි විය.
මින් ඉහත ජනපති තේරීමේ ඡන්ද විමසීමේදී ඩලස් වෙනුවෙන් ඡන්දය දෙන බව කී විමල් වීරවංශ ප්‍රමුඛ ස්වාධීන කණ්ඩායම අද රජය සමග හදිසි නිතියට පක්ෂ වූ අතර ඒ හැර එදින ඩලස් තේරූ විපක්ෂ කන්ඩායම හදිසි නීතියට විරුද්ධ විය.
එවක වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීති රෙගුලාසි දින 14 කින් ඉබේ අහෝසිවන්නට පෙර අද පාර්ලිමේන්තුවේදී සම්මත වූයේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40(1)(C) වගන්තිය ප්‍රකාරව මහජන ආරක්ෂාව, මහජන සාමය ආරක්ෂා කිරීම සහ රජයට අත්‍යවශ්‍ය සැපයුම් සහ සේවා පවත්වාගෙන යාමේ අවශ්‍යතා මත වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රකාශයක් කරමින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කරන ලදී.
ඡන්දය ප්‍රකාශවූ අයුරු පහත පරිදිය

Comments
Post a Comment
Your comment will be visible after approval