
බ්‍රහස්පතින්දා සිංගප්පූරුවට ගමන් කළ ගෝඨාභය රාජපක්ෂ එරට චැංගි ගුවන්තොටුපළේ 2 වන ටර්මිනලයෙන් බැස ඔහුව නරඹන්නට සිටි පිරිස 3 වන ටර්මිනලයේ සිටියදී ඔවුන් මග හැර ඉක්මණින් එතැනින් නික්ම ගිය බවට එරට මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණි.
මේ අතරවාරයේ ගෝඨාභය හා අයෝමා එම ගුවන් තොටුපලේ ඩියුටි ෆ්‍රී සාප්පු සංකීර්ණයේ සාප්පුවක ඇඳුම් තෝරමින් සිටින බව පැවසෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණයවේ.
මෙම ඡායාරූපය කිසිවෙකු විසින් ව්‍යාජව නිර්මාණය කරන ලද්දක් හෝ පැරණි ඡායාරූපයක් විය හැකි බව අනාවරණය වේ.
පළමු හේතුව නම් දැඩි නීති රීති අනුගමනය කරන සිංගප්පූරුවේ මේ දිනවල මුව ආවරණ රහිතව කිසිවෙකුට ගුවන් තොටුපළ පරිශ්‍රයේ සිටිය නොහැකි වීමෙනි. මෙම ඡායාරූපයේ කිසිවෙකු සතුව මුව ආවරණ නැත.
දෙවැනි හේතුව නම් ඡායාරූපයේ ගෝඨාභයගේ මුහුණ එතැනට බලෙන් ඔබ්බවා පොටෝ ෂොප් සංස්කරණයක් ආකාරයට දිස්වීමයි.
තෙවැනි හේතුව නම් තමන්ගේ ආරක්ෂාව හා අන් අයට නිරාවරණය නොවී සැඟවීමේ උවමනාව ඇතිව ඉක්මණින් පළායාමේ අවශ්‍යතාව නිසාම වීඅයිපී පහසුකම රඳවාගන්නට අවශ්‍ය නිසා ජනපති පදවිය පමාවී අත්හැරීමට සිදුවූ ගෝඨාභයට තවදුරටත් එහි සාප්පු වල සිටින්නට ඉස්පාසුවක් තිබේද යන්නයි.

Comments
Post a Comment
Your comment will be visible after approval