ivana-trump-first-wife-of-trump-president-has-died

ඇමරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු බිරිඳ සහ ඔහුගේ දරුවන් තිදෙනෙකුගේ මව වන ඉවානා ට්‍රම්ප් වයස අවුරුදු 73 දී මිය ගියාය.

"ඇය විශිෂ්ට හා ආනුභාව සම්පන්න ජීවිතයක් ගත කළ අපූරු, රූමත් සහ විස්මිත කාන්තාවක් යයි" ට්‍රම්ප් ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාව වන Truth Social හි පළ කළේය.

වත්මන් චෙක් ජනරජයේ උපත ලද ට්‍රම්ප් මහත්මිය 1977 දී හිටපු ජනාධිපතිවරයා සමඟ විවාහ විය.

ඔවුන් වසර 15 කට පසුව 1992 දී දික්කසාද විය.
ඔවුන්ට දරුවන් තිදෙනෙක් සිටියහ - ඩොනල්ඩ් ජූනියර්, ඉවන්කා සහ එරික් ට්‍රම්ප් ය.
ට්‍රම්ප් මහතා ඇයගේ දෙවැනි සැමියා විය. ඇයගේ පළමු සැමියා ,ඇල්ෆර්ඩ් වින්ක්ලයර් ඔස්ට්‍රියානු ජාතිකයෙකු වූ අතර ඇය ඔස්ට්‍රියානු පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ඔහු හා විවාහ වූ බව කියා තිබුණි. ඔහුගෙන් වෙන්වූ ඇය පසුව ට්‍රම්ප් හා විවාහ විය.
මෙම යුගලය 1980 සහ 1990 ගණන් වලදී නිව් යෝර්ක් හි කැපී පෙනෙන ප්‍රසිද්ධ පුද්ගලයින් වූ අතර ඔවුන්ගේ දික්කසාදය එකල දැඩි මහජන උනන්දුවකට ලක්වූ පුවතක් විය.
ඔවුන්ගේ වෙන්වීමෙන් පසුව, ට්‍රම්ප් මහත්මිය ඇයගේම රූපලාවන්‍ය නිෂ්පාදන, ඇඳුම් පැළඳුම් සහ ස්වර්ණාභරණ ව්‍යාපාරයක් කරගෙන ගියාය.
ට්‍රම්ප් දරුවන් තිදෙනා ඇති දැඩි කිරීම ගැන ඇය 2017 වසරේ ඇගේ මතක සටහන් වන Raising Trump හි විස්තර කර ඇත.
දික්කසාදයෙන් පසු ට්‍රම්ප් මහතා සමඟ ඇති ඇගේ සබඳතාව වැඩිදියුණු වී ඇති බව ඇය ලියා ඇති අතර සතියකට වරක් පමණ ඔහු සමඟ කතා කළ බව පවසා තිබුණි.