
ඊයේ ජන අරගලයේ උද්වේගකර සිදුවීම් ගණනාවක් වාර්තාවී තිබුණි. එහි වඩාත්ම අවදානම්කාරී හා දුෂ්කරම මෙහෙයුමක් බවට පත්ව තිබුනේ අධික රැකවල් සහිත ජනපති මන්දිරය වෙත පිරිස ඇතුළුවීමයි.
මේ සඳහා චැතම් වීදියේ පැවති බැරියර් බාධක ගණනාවක් කඳුළු ගෑස් අවහිරයන් නොතැකූ ජනතාව මගින් ආරක්ෂක හමුදාවන් තල්ලුකර අභිබවා ජයගත් අතර අවසාන කොටස වූයේ මන්දිරයේ ගේට්ටුවෙන් ඇතුළුවීමයි. මේ අවස්ථාවේ ගේට්ටුවෙන් පැන්න අය ඇතුළේ භට පිරිස් අල්ලාගත් අතර ඔවුනට හොඳට පහරදී හිංසා කරන ලදි. මේ හේතුවෙන් ඇතැමුන් ඇදවැටී සිටින අයුරක්ද ලේ පෙරාගෙන සිටි අය රෝහල් ගත කරන අයුරක්ද දිස් විය.
කිසිවෙකුට ගේට්ටුවෙන් ඇතුලු වන්නට නොදී හමුදාව වරෙක අහසට වෙඩි තැබූ නමුත් ජනතාව එය ගණනකට ගත්තේ නැත. දෙවනුව හමුදාව කළේ තාප්පයට වෙඩි තැබීමයි. ජනතාව දෙසට ගිනි අවිය යොමු කර තාප්පයේ වැදෙන සේ යොමු කළ එම වෙඩි උණ්ඩ තාප්ප පසාරු කරගෙන යනු දර්ශනය විය.
මේ නිසා කිසිවෙකු ළං වන්නට බිය විය දිගු වේලාවක් කරන්නට දෙයක් සිතමින් පිරිස කල්පණා කරමින් සිටිනු පෙනිනි.
මෙම අවස්ථාව වන විට විශාල පිරිසක් ගේට්ටුව ආසන්න කුළුණ වලට නැග සිය කඩඉම් අත්පත් කරගෙන සිටි නමුත් ගේට්ටුවෙන් ඇතුළුවීම දුෂ්කරම කාර්ය බවට පත් විය. විශාල ඉබ්බන් දමා අගුළු දමා, කිසිවෙකුට පහසුවෙන් ඇතුළු විය නොහැකි ලෙස ශක්තිමත්ව සාදා තිබෙන උස ගේට්ටුව බින්දේ කෙසේද?
මේ සඳහා උපයෝගී කරගත්තේ ආසන්නයේ නවතා තිබූ ලොරියකි. අයෙකු එම ලොරිය ගේට්ටුව කැඩී යන පරිදි දෙතුන්වර රිවර්ස් කර ගේට්ටුව බිඳ දැමූ අතර මේ නිසා ආරක්ෂක හමුදාවන් අසරණ විය. මේ තරම් විශාල පිරිසක් පාලනය කරගන්නට ඔවුන්ට බැරි බව වැටහී ඔවුන් ජනතාව පිවිසීම ඇවිරීමේ රාජකාරියෙන් පසුබා ඉවත් විය.
ජනතාව මන්දිරය දෙසට දෝරේ ගැලුබව ඉන් පසු වාර්තා විය.
සිදුවීම අවස්ථාවේ වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval