
ගාලු මුවදොර අවට සාමකාමී විරෝධතාකරුවන්ට අද (22) අලුයම හමුදාව විසින් එල්ල කරන ලද ප්‍රහාරය ශ්‍රී ලංකා නීතීඥ සංගමය ,ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හා ඇමරිකානු තානාපතිනිය තරයේ හෙළා දැක තිබේ.
නීතියේ ආධිපත්‍යයට සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් වලට ගරු කරන බවට සහතික වන ලෙසට ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සහ ඔහුගේ රජයෙන් ඉල්ලා තිබේ.
මේ අතර මෙය ජනතාවගේ මූලික අයිතිවාසිකම් මුළුමනින්ම උල්ලංඝණය කිරීමක් බව පෙන්වා දෙන මානව හිමිකම් කොමිසම අවධාරණය කරන්නේ අපරාධකරුවන් හඳුනාගෙන සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.
ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීම සඳහා රාජ්‍ය පාලනය තුළ ක්‍රියාත්මක වන කිසිදු ක්‍රියාමාර්ගයක් අනාගතයේ කිසිදාක සිදු නොවන බවට සහතික වන ලෙස මානව හිමිකම් කොමිසම රජයෙන් ඉල්ලා සිටී.
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසන්නේ මෙම සිදුවීම ගැන විහේෂ අවධානයෙන් කටයුතු කරන බවත් තුවාල ලැබූවන්ට ඉක්මණි වෛද්‍ය ආදාර ලබාදෙන ලෙසත් ඉල්ලා ඇත.


Comments
Post a Comment
Your comment will be visible after approval