fuel-auae-issue-ja-ela

පාතාල බලය බිඳ තෙල් පෝලිමේ පැමිණෙන ජනතාවට සාධාරණය ඉටුකළ ජාඇල පොලිස් පරීක්ෂක ඩී. රත්නායක ප්‍රදේශවාසීන්ගේ ගෞරවයට පාත්‍ර වී තිබේ.



දින දෙක තුනක් නිදිමරාගෙන කිලෝ මීටර් 2 ක් පමණ දුරට තිබූ පෝලිමේ සිටි පුද්ගලයන් ඉන්ධන බවුසරයක් බලාපොරොත්තුවෙන් සිට ඇත. පසුගිය බදාදා (20 වැනිදා) රාත්‍රී එකොළහට පමණ ඉන්ධන බවුසරය පැමිණි විට ගමේ චණ්ඩින් යැයි කියා ගන්නා පිරිස් පැමිණ ගමේ පෝලිම නමින් පෝලිම් තුනක් පමණ සාදා ඉන්ධන ලබා ගැනීමට ක්‍රියාකර තිබේ.

සිද්ධිය සිදුවන අවස්ථාවේ එම ස්ථානයට පැමිණි ස්ථානාධිපතිවරයා ඒකල පිහිටි ඉන්ධන පිරවුම්හලෙහි සිටි සියලුම ගමේ චණ්ඩින් එළවා දැමීමට පියවර ගෙන තිබේ. පසුව එම ස්ථානයේ සිටි සියලුම දෙනාහට ක්‍රමානුකූලව ඉන්ධන ලබා ගැනීමට හැකිවන අයුරින් වටපිටාව සකස් කර ඇත.

මෙම අවස්ථාවේ වූ සිදුවීම් එක් පුද්ගලයකු සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමට පියවර ගෙන තිබුණි.

(හේමන්ත ලියනපතිරණ Aruna)