facemask-again-implemented

පසුගියදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මුව ආවරණ තවදුරටත් අනිවාර්ය නැති  බවට කළ දැනුම්දීම අනුව මේ වනවිට කොරෝනා රෝගයේ බිය පහව ගොස් ඇති ස්වරූපයක් සමාජය තුළින් දිස්වේ. ඇතැමුන් මුව ආවරණ පළඳින අතර ඇතැමුන් එසේ නැත.


නමුත් ලෝකයේ නව කොරෝනා රැල්ලක් යළි මතුව තිබෙයි.

කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව පසුගිය සති දෙකක පමණ සිට දෛනිකව වැඩිවෙමින් පවතින නිසා වයිරසයෙන් ආරක්ෂා වීමට මුව ආවරණ පැළඳීම අනිවාර්ය බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ඊයේ ප්‍රකාශ කළේය.

රටේ පවතින විවිධ අර්බුද හේතුවෙන් කොවිඩ් රෝගය ජනතාවගෙන් දුරස්ව ඇති බවත් එහෙත් නොදැනුවත්වම මේ වයිරසය මේ වන විට සමාජයෙන් නැවතත් හිස ඔසවමින් තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

කොවිඩ් වයිරසය ගැන ජනතාවට අමතක වීමත් සමඟ මුව ආවරණ පැළඳීම ඔවුන්ගෙන් ගිලිහී ගොස් ඇතැයි ද, එය අවදානම් සාධකයක් යැයි ද හෙතෙම පැවසීය.