The-Ruhunu-University-student-who-was-swept-away-by-the-sea-waves-when-he-hit-the-shore-yesterday

ඊයේ (02) හම්බන්තොට සිට පුත්තලම දක්වා ස්ථාන ගණනාවක මුහුදු ජලය ගොඩ ගැසීමේ සිදුවීම් වාර්තාවූ අතර සරසවි සිසුවෙකු මුහුදට ගසාගොස් අතුරුදන්වූ පුවතක් වාර්තාවේ.
තංගල්ල බෙලිවත්ත, සීතගල්ල ස්වාභාවික මුහුදු තටාකයේ දිය නාමින් සිටි විශ්වවිද්‍යාල සිසුන් තිදෙනෙක් මුහුදට ගසාගෙන ගොස් දෙන්නෙකුගේ ජීවිත බේරුණ නමුත් එක් අයෙකු තවමත් අතුරුදන්ය.


එක්වරම මුහුදු රළ, තටාකයට පතිතවී ඔවුන් තිදෙනා ව තටාකයෙන් පිටත මුහුදට ඇදී ගොස් තිබේ.
තමන් වෙනදාටත් මෙම තටාකයේ පිහිනුම් කරන බවත් එදින රළ පහර වේගවත් බව දැනුණ නමුත් අනතුරක අවදානමක් නොදැනුණ නිසා කාලය ගත කරමින් තටාකයේ පිහිනමින් සිටි බවත් පවසා ඇති සරසවි සිසුන් තමන් නොසිතූ වේලාවක විශාල ලෙස රළ ඉහළට එසවී ආ අවස්ථාවේ තිදෙනාම ගසාගෙන ගිය බවත් අනතුරුව දෙන්නකු යළි වෙරළ වෙත ගසාගෙන ආ නිසා දිවි බේරාගත් බවත් පවසා ඇති අතර තමන් සමග සිටි අනෙක් මිතුරා අතුරුදන් බව එම අවස්ථාවේ දැනගත් බව පවසා තිබේ.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටි ගාල්ල තල්ගම්පල ප්‍රදේශයේ පදිංචි පංකජ ජයෝද නැමැති 22 හැවිරිදි තරුණයෙකි.
අසල්වාසී පිරිස් අතුරුදන් අය සොයා හැමතැන බැලූවත් හමුවී නැත.
දිවි බේරාගත් සිසුන් දෙදෙනා මේ වනවිට මාතර රෝහලේ ප්‍රතිකාර ලබයි.
සිද්ධිය අවස්ථාවේ ලබාගත් වීඩියෝවක් මේ සමග පළවේ.