
බණ්ඩාරගම සිපෙට්කෝ ඉන්ධනහලක අද (30) දහවල් හදිසියේ ඇති වු ගින්නකින් පුද්ගලයෙක් තුවාල ලබා තිබේ.විදුලි කාන්දුවීමකින් ගින්න හටගෙන ඇති බවට සැකකෙරේ.
ඉන්ධන පිරවුම්හලේ සේවකයින්ගේ විවේක කාමරයෙහි ඉන්ධන පොම්ප සවිකර ඇති ආසන්නයේ ගින්න හටගෙන ඇති අතර ගින්න ඇතිවූ පසුව පිරවුම්හලේ සේවකයින් හා පෝලිමේ සිටි ජනතාව වහා ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇත. පසුව හොරණ නගර සභාවේ ගිනිනිවන ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර තිබේ.
ගින්න නිවා දැමීමට කටයුතු කිරීමේ දී බවුසර් රථ රියදුරුවරයෙකුගේ අතට හානි සිදුව රෝහල් ගතකර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval