
අගෝස්තු මාසය සඳහා නියමිත පාසල් නිවාඩුව ලබා නොදීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර ඇත.
මේ පිළිබඳව දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ ලබන සදුදා සිටිනු නිවාඩු නොමැතිව නොවැම්බර් මස අග වන තෙක් පාසල් පවත්වමින් අතපසු අධ්‍යාපන කටයුතු ආවරණය කිරීමට සැලසුම් කර ඇති බවයි .
ඒ අනුව ප්‍රමාද වූ ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් මස 27 වනදා පැවැත්වීමෙන් අනතුරුව උසස් පෙළ විභාගය නොවැම්බර් මස 28 සිට දෙසැම්බර් 23 දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිත බවද, ඊට අමතරව මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් ප්‍රධාන විෂයන් 24 ක් සඳහා පළාත් අන්තර් සම්බන්ධීකරණයක් සහිතව විශ්වවිද්‍යාල පද්ධති මගින් සැසි සංවිධානය කර ඇති බව ද ඔහු විසින් ප්‍රකාශ කර සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval