
අද දින කොළඹ ජන අරගලයේ විරෝධතාව අතරතුර තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 42 දක්වා ඉහළ ගොස් තිබෙයි.
ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව කොළඹ ජාතික රෝහල සඳහන් කර සිටියි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තුන්දෙනෙකු ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර තුවාලකරුවන් අතර පොලිස් නිලධාරින් දෙන්නෙකුද , කාන්තාවන් තිදෙනෙකු ද වන බව වාර්තාවේ.