
පසුගිය 9 හා 13 වනදා තමුන් පවරාගත් ජනාධිපති නිල නිවස, ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය සහ කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් තමන් සාමකාමීව ඉවත් වන බව "ගොටාගොගම" විරෝධතා ව්‍යාපාරය නියෝජනය කරන ක්‍රියාකාරීන් ප්‍රකාශ කර තිබෙයි.
කෙසේ වෙතත් අරගලයට ස්ථානයක් වෙන් කරගෙන ඇති බව ඔවුන් කියා සිටි අතර
අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් ක්‍රියාකාරීන් ප්‍රකාශ කළේ තම අරගලය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ/පැරණි පාර්ලිමේන්තුවේ ඉදිරිපස කොටස සහ ගාලුමුවදොර පිටිය අඛණ්ඩව අල්ලාගෙන සිටින බවයි.
තම ඉල්ලීම් ලැබෙන තුරු සාමකාමී විරෝධතාවයේ නිරත වන බව ගෝඨගොගම විරෝධතා ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් ප්‍රකාශ කර තිබේ.
රජයට අයත් දේපළ අල්ලාගෙන සිටීම ඉදිරි ගැටලු මතුවිය හැකි බවට ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඊයේ දන්වා සිටි අතර එයට ප්‍රතිචාර ලෙස මෙම තිරණ ගෙන ඇති බව පෙන්නුම් කරයි. වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval