
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සහ වත්මන් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් 100 වන ටෙස්ට් තරගයට සහභාගීවීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උපහාරයක් පිරිනැමීය.
ඇන්ජලෝ ඩේවිස් මැතිව්ස්, වෘත්තීය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අතර, සියලුම ඉරියව්වලින් දක්ෂතා දැක්වූ හිටපු නායකයෙකි. මැතිව්ස් මේ වන විටත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරයි.
ඇන්ජලෝ මැතිව්ස්ට ඔහුගේ 100 වැනි ටෙස්ට් තරගය වෙනුවෙන් කුසලානය පිරිනැමුවේ චමින්ද වාස්ය. දෙන්නාම ගියේ එකම පාසලට වීම විශේෂයකි. දෙන්නාම ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 100 ක් ක්‍රීඩා කර තිබීම විශේෂිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval