aluthgama-incident

අලුත්ගම පොලිස් වසමට අයත් කාලවිල ප්‍රදේශයේ මංගල උත්සවයකින් අනතුරුව විවාහක යුවළ නැවතී මධුසමය ගතකරමින් සිටි හෝටලයේ කාමරයේ සැඟවී සිටි තරුණයෙකු රාත්‍රියේ නිදා සිටිය දී මනාලියට අතවරයක් කිරීම නිසා එම තරුණයාව අලුත්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
යුවළ නැවතී සිටි කාමරයේම සැගවී සිටි 18 හැවිරිදි තරුණයකු වන මොහු එදින විවාහ වූ පුද්ගලයාගේ හොඳම මිතුරාගේ මාර්ගයෙන් මෙම සාදයට එක්ව සිටි අයෙකි.

ඔහුව යුවළ එදින හඳුනාගත් බවද පැවසේ.
මංගල උත්සවය අවසන් වෙන්නට පෙරාතුව අසල්වාසී මිතුරෙකුගේ නිවසට යන බව පවසා උත්සව භූමියෙන් පිටතට ගමන් කරන ආකාරයක් පෙන්වූවද මොහු නව යුවළෙගේ නිදන කාමරයට කාටත් හොර රහසේ ඇතුළු වී නව යුවළ නිදන ඇඳ යට සැඟවී සිට තිබේ.
රාත්‍රී කාලයේ යුවළ සිදු කරන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරමින් ඔහු ඇඳ යටට වී නිසොල්මනේ සිටි බවද කියැවේ. ඔහු ඇඳයට සිටින බව යුවළ දැන ගෙන නැත.
කෙසේ වෙතත් පාන්දරට කිට්ටු වෙද්දී මනාලයා කාමරයේ තද නින්දට ගිය අවස්ථාවක් බලා අඩ අදුරේම  ඇඳ යටින් එලියට ආ සැගවී සිටි තරුණයා මනාලිය සිප වැළඳගෙන තිබේ. එම අවස්ථාවේ මනාලිය මුලින් සිතා ඇත්තේ ඒ තමාගේ මනාලයා බවකි. තරුණයා මනාලියගේ අවයව ස්පර්ශ කරමින් ඇය සමග ලිංගික එක්වීමට උත්සාහ කරමින් සිටි නමුත් ටික වේලාවක් යද්දී වෙනස තේරුම් යාමත් ඇද උඩ සැමියාට අමතරව වෙනත් පිරිමියෙකුද සිටිබව දැනගැනීමත් සමග ඇය කෑගසා ඇත.
විවාහක ස්වාමියා ඇතුළු සෙස්සන් අවදි වීමෙන් පසුව තරුණයා අල්ලාගෙන පහරදීමට උත්සාහ ගෙන ඇති අතර ඔහු බේරී පළාගොස් තිබේ.

පසුදින පොලිසියට කළ පැමිණිල්ලක් අනුව සැකකරු සැඟවී සිටිය දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 සිද්ධිය වූ අලුයම අලුත විවාහයට ඇතුළත් වූ තැනැත්තියට ලිංගික හිංසනයක් සිදුකර ඇති බව පරීක්ෂණ සිදුකරන පොලීසිය දන්වා ඇත.

සැකකරු ගම්පොළ ප්‍රදේශයේ මෑතක පාසල් කටයුතු අවසන් කළ තරුණයෙකු බවත් වාර්තාවේ. මෙම තරුණයා කිසියම් මානසික අසමතුලිතභාවයකට ගොදුරුවූ අයෙකු බවත් වාර්තාවේ. ඔහුට අවශ්‍යවී තිබි ඇත්තේ මධුසමය ගතකරන යුවළගේ එක්වීම සජීවීව නිරීක්ෂණය කිරීම බවත් පාපොච්චාරණය කර තිබේ. කෙසේ වෙතත් නිරීක්ෂණය අතරතුර තමන්ගේ හැඟීම් අවදිවූ බවත් ඒ නිසා මනාලිය ස්පර්ශ කිරීමට ආසාවක් පහළවූ බවත් පවසා ඇත.නමුත් 'ඒ වැඩේ නිසා සියල්ල ගැස්සුණ බවත්' තරුණයා පාපොච්චාරණය කර තිබේ.