
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිටත් රටේ දැවෙන ප්‍රශ්න රාශියකට සාර්ථකව විසඳුම් ලබාදී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසයි.
ඊයේ (18) ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා ඇත්තේ පොහොර ප්‍රශ්නයට මෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයට ද මේ වනවිට සාර්ථක විසඳුම් ලබාදීමට අග්‍රාමාත්‍යවරයාට හැකියාව ලැබී ඇති බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීමටත් මෙරට ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමටත් අග්‍රාමාත්‍යවරයා සැලසුම් කර ඇති බව පැවසූ ඔහු එම කටයුතු සාර්ථක වෙනතෙක් ඉවසීමෙන් සිටින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
දේශපාලන පක්ෂ මෙන්ම ජනතාවත් මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන වැඩපිළිවෙලට සහාය දැක්විය යුතු බව පැවසූ වජිර අබේවර්ධන ඒ අනුව කලබල නොකර ඉවසීමෙන් ජනතාව සිටියහොත් ඉක්මනින්ම ඉතිරි ප්‍රශ්නත් විසඳාගැනීමට හැකිවන බවත් පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval