upul-rohana-dharmadasa-dies-japan

ජපානයේ කර්මාන්ත ශාලාවක කාර්මික ශිල්පියකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයකු පසුගිය 5 වැනිදා රාත්‍රියේ පහර දී ඝාතනය කර ඇති බව ඔහුගේ පවුලේ ඥාතීහු සඳහන් කරති.



මෙලෙස ඝාතනය වී ඇත්තේ පාතහේවාහැට දමුණුගොල්ල ගම්මානයේ පදිංචිව සිටි එම්.ජී. උපුල් රෝහණ ධර්මදාස නමැති හතළිස්පස් (45) වියැති දෙදරු පියෙකි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා මීට වසර තුනකට පමණ පෙර මහනුවර අකුරණ ප්‍රදේශයේ සමාගමක් මාර්ගයෙන් එම සමාගමේ ජපානයේ පිහිටි ආයතනයක කාර්මික ශිල්පියකු ලෙස සේවයට එක්ව තිබේ.

වසර තුනක සිය සේවය නිමවා ඉදිරි දින කිහිපය ඇතුළත ලංකාවට පැමිණීමට නියමිතව සිටි උපුල්ට මෙම ඉරණම අත්වී ඇත.



ඔහු සේවය කළ කර්මාන්ත ශාලාවේ තවත් ශ්‍රී ලාංකික පිරිසක් සමග පසුගිය 5 වැනිදා රාත්‍රියේ ඇති වූ ගැටුමක් අතරතුර කිහිප දෙනකු එක්වී උපුල්ට පහර දී පසුව බෙල්ල ප්‍රදේශයට තියුණු ආයුධයකින් ඇණ ඝාතනය කර ඇති බව එම සමාගමේ ශ්‍රී ලංකාවේ නියෝජිතයන් තමන්ට සඳහන් කළ බව මියගිය පුද්ගලයාගේ ඥතීහු වැඩිදුරටත් සඳහන් කරති. මියගිය පුද්ගලයාගේ දේහය මෙරටට රැගෙන ඒමට නියමිතය.

(චම්පික දසනායක - හේවාහැට)