stalin-jayasumana-shantha

පසුගිය මැයි 09 කලබලකාරී වාතාවරණය නිසා නිවාස ගිනිගැනීමට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙපළක වන මහාචාර්ය චන්න ජයසුමන හා ශාන්ත බන්ඩාර යන දෙන්නා මේ වනවිට කොළඹ තාවකාලිකව පදිංචිව සිටින අතර ළමයින්ට පාසල් අහිමිවූ බවට කරුණු දක්වා කොළඹ සුපිරි පාසලක් වන විශාඛා විද්‍යාලයට සිය දියණියන් ඇතුළත්කර ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අද හෙළි කලේය.

මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඔහු කියා සිටියේ, අතරමැදි ශ්‍රේණි වලට දරුවන් ඇතුළත් කරගැනීම නවතා තිබෙන අවස්ථාවක එම චක්‍රලේඛන ආදී සියලු නීති උල්ලංඝනය කරමින් ඔවුන් කටයුතු කර ඇති බවත් ජනතා විරෝධයට ලක්ව ඇමති ධූර පවා අහිමිවී යාමෙන් පසුවත් විශේෂ වරප්‍රසාද ලබාගැනීමට නිර්ලජ්ජිත ලෙස කටයුතු කර ඇති බවත්ය.
ආණ්ඩුවේ පැවැත්මක් නැති වාතාවරණය තුළත් පුද්ගලිකත්වය මුල් කරගෙන වාසි ලබාගන්නට මේ අය කටයුතුකර ඇති බවයි.