Warrants-for-the-arrest-of-several-key-members-of-the-struggle

ජුනි මස 09 දා හා 10 දා කොටුව හා තලංගම යන පොලිස් බල ප්‍රදේශවල පැවැත්වූ විරෝධතාවලදී පිරිසක් කළහකාරී ලෙස හැසිරුණ බවත් ඒ අයගේ නම් තමන් සතු බැවින් අත්අඩංගුවට ගන්නට වරෙන්තු නිකුත් කරන ලෙස ඉල්ලමින් පුද්ගලයන් කිහිප දෙනෙකුගේ නම් පොලීසිය අද (17) අධිකරණයට ඉදිරිපත් කර තිබේ.




ජුනි 09 දා කොටුව විරෝධතාවට අදාළව වසන්ත මුදලිගේ, ජුනි 10 දා කොටුව පොලිස් මූලස්ථානය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවලට අදාළව ළහිරු වීරසේකර, රතිඳු සේනාරත්න නොහොත් රැට්ටා, ජගත් මනුවර්ණ, ධම්මික මුණසිංහ, රත්කරව්වේ ජිනරතන හිමි, එරංග ගුණසේකර, ජෙහාන් අප්පුහාමි, ගල්වැව සිරිධම්ම හිමි යන අයගේ නම් නිකුත් කර තිබේ.
මේ අය ගාලුමුවදොර අරගලයේ ප්‍රධාන සාමාජිකයින් ලෙසද හඳුනාගන්නට ලැබේ.
ඒ අනුව ඔවුන්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා පොලිසියට පක්ෂපාතීව නියෝග කර ඇත.


නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වෙමින්, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, සාපරාධී බලහත්කාරය පෑම, තුවාල සිදු කිරීම, අයුතු අවහිරය, අනර්ථය සිදු කිරීම මෙන්ම පොදු දේපළ විෂයෙහි සිදු කරන වැරදි සිදුකිරීම, මංමාවත් පනත යතේ සිදුකරන වැරදි සිදුකිරීම යන චෝදනා මොවුන්ට එරෙහිව පොලීසිය ගොනු කර තිබේ.