sri-lanka-win-oneday-series-beat-australia

ශ්‍රී ලංකාව හා සංචාරක ඕස්ට්‍රෙලියා කන්ඩායම අතර අද (21) පැවති සිව්වන එක්දින ක්‍රිකට් තරගයේදී ඕස්ට්‍රෙලියාව  පරදා  ශ්‍රී ලංකාව ජයගත්තේය.


මුලින් පන්දුවට පහරදුන් ශ්‍රීලංකා පිල ඕවර 49 කදී සියලු දෙනා දැවී ලබාගත් ලබාගත් 258 ට පිළිතුරු වශයෙන් එම ඉලක්කය ඕස්ට්‍රෙලියානු පිලට ආසන්න වුවත් අවසන් ඕවරයේදී පසුකර යාමට බැරිව ගියේය.


ශ්‍රී ලංකා පිලේ අසලංක 110 ක් ලබා ධනංජය ද සිල්වා 60 ක් ලබා අද පිත්තෙන් දස්කම් දැක්වූ අතර ඕස්ට්‍රෙලියානු පිලේ ඩේවිඩ් වෝනර් 99 ක් ලබා දස්කම් දැක්වීය.
පන්දු යැවීමේදී ඕස්ට්‍රෙලියානු පිලේ කුනෙමන්,කමින්ස් හා මාර්ෂ් කඩුලු 2 බැගින් දවාගත් අතර ශ්‍රී ලංකා පිලේ චාමික කරුණාරත්න, ධනංජය ද සිල්වා හා වැන්ඩසේ කඩුලු 2 බැගින් දවා ගන්නා ලදි.
කරට කර තරගයක් පැවති අද දිනයේ අවසාන මොහොතදක්වාම කවුරුන් දිනාවිදැයි අවිනිශ්චිත තත්ත්වයට පත්ව තිබී අවසානයේ අවසන්පන්දුවට 6 ක් ලබාගත යුතුව තිබියදී උඩපන්දුවක් ලබාදීම නිසා ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කළේය.
මෙම ජයග්‍රහණය සමග තරග 5 කින් යුතු තරගාවලියේ තරග 3 ක් ජයගෙන ශ්‍රී ලංකාව තරගාවලී ජයක් අත්කරගත් අතර එය වසර 30 කට වැඩි වාර්තාවක් පසුකර යාමකි.