ngry-mob-disrupts-yoga-day-event-male-maldives

අට වැනි ජාත්‍යන්තර යෝග දිනය අද ලොව පුරා සමරනු ලබද්දී මේ නිමිත්තෙන් මාලදිවයිනේ අගනුවර වන මාලේ ගලොල්හු ජාතික පාපන්දු ක්‍රීඩාංගණයේ පැවති යෝගා වැඩසටහනේ කලබලයක් ගැන වාර්තාවේ. ඉස්ලාම් මූලධර්මවාදීන් පිරිසක් ක්‍රීඩාංගණයට කඩා වැදී මෙම වැඩසටහන කඩාකප්පල් කර තිබේ.



වැඩසටහන අතරතුර හදිසියේම 100කට අධික පිරිසක් ධජ රැගෙන ක්‍රීඩාංගනයට දුවගෙන පැමිණ ජනතාව පලවා හැරියහ. මේ අතරතුර ක්‍රීඩාංගනයේ සවිකර තිබූ යෝගා සම්බන්ධ පෝස්ටර් බැනර් සහ පුවරු රැඩිකල්වාදීන් විසින් කඩා බිඳ දමා ඇත. මෙම සිද්ධිය වීඩියෝ කරමින් සිටි අයටත් මේ අය පහර දී ඇත.

එහිදී මූලධර්මවාදීන් විරෝධතා පුවරු සහ පෝස්ටර් කිහිපයක් ද අතැතිව සිටි අතර යෝග ක්‍රමයට විරුද්ධව සටන් පාඨ ලියා තිබුණි- 'යෝග යනු ශිර්ක්' එනම් 'ඉස්ලාමයේ යෝග කිරීම පාපයකි'. එහි සටහන් විය.
 ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කර ඇත.
 සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.මාල දිවයිනේ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර
, ඒ සඳහා ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ. අඟහරුවාදා උදේ වැඩසටහන ආරම්භ වනවාත් සමඟම මූලධර්මවාදීන් පහර දුන් අතර වාර්තාවන ආකාරයට වැඩසටහන නතර කරන ලෙස තර්ජන එල්ලවී තිබී ඇත.