
කොළඹ ජනාධිපති කාර්යාලයේ මේ දක්වා අංක ‘0‘ ගේට්ටුව අරගල භූමිය යන බැනරය සමග අවහිර කර විරෝධතා පවත්වන අරගලය පවත්වා ගිය අතර ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ ජනපති ගෝඨාභය රාජපක්ෂගේ උපන්දිනය උදාවීමත් සමග අරගලකරුවන් පිරිසක් ජනාධිපති කාර්යාලයේ ගේට්ටු සියල්ල අත්පත් කරගැන්මේ මෙහෙයුමක යෙදුණි.
ඒ අනුව කාර්යාලය අසල උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබුණි.
ඒ අරගලකරුවන් පිරිසක් ජනාධිපති කාර්යාලයේ ගේට්ටු ඉදිරිපිට කළහකාරී ලෙස හැසිරී තිබුනේ දහසක පමණ සහභාගීත්වය ඇතිවයි.
අරගලකරුවන් විසින් ජනාධිපති කාර්යාලයේ සියලු පිවිසුම් අවහිර කරනු ලැබුවාසේම ජනාධිපති කාර්යාලයට පිවිසෙන ලෝටස් මාර්ගයේ පිහිටි සෙසු පිවිසුම් දෙකද අවහිර කරමින් අට්ටාල ඉදිකර තිබේ.
එයට විරෝධය පාන්නට පොලිසිය ආවත් පසුව ඔවුන් පසුබා තිබේ.
මේ වනවිට හමුදා භට පිරිස් යොදවා ජනාධිපති කාර්යාලයේ ආරක්ෂාව තරකිරීමට පියවර ගෙන තිබේ.
විරෝධතාකරුවන් පවසන්නේ අද (20) දිනයේ සිට අරගලයේ දෙවන අදියර ආරම්භ කරන බවයි.










Comments
Post a Comment
Your comment will be visible after approval