schools-open--3days

රටේ පවතින ඉන්ධන අර්බුදය නිසා රජයේ ආයතන දින 4 ක සේවාවක් පමණක් පවත්වා 5 වන දිනය නිවසේ සිට වැඩකරන ප්‍රතිපත්තියකට යාමට සූදානම් වන අතරේ අධයාපන කටයුතු වලද වෙනස්කම් සිදුකිරීමට යෝජනා සිදු කර තිබෙයි.

ඒ අනුව
ගුරුවරුන් සහ පාසල් සිසුන් කොටස් වශයෙන් බෙදා සතියකට දින 3 බැගින් පාසල් වෙත කැඳවීමට යෝජනා කර තිබේ.



මෙම යෝජනාව පැමිණෙියේ ඊයේ (10) සවස ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අධ්‍යාපන අමාත්‍යංශය වෙත පැමිණ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සමග කළ සාකච්ඡාවේදීය.
මීට අමතරව දුර බැහැර ප්‍රදේශවල සිට පාසල් වෙත පැමිණෙන සිසුන්ට ළඟම පිහිටි පාසලට අනුයුක්ත කිරීමට නිකුත් කර ඇති චක්‍ර ලේඛය ගැනද වෘත්තිය සංගමය ප්‍රසාදයට පත්ව කතාකර ඇති මුත් එය තවම ප්‍රායෝගික මට්ටමට පැමිණ නැති බැවින්
ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතු බවද සාකච්ඡා කර තිබේ.