sanath-nishantha-brother-arrested

ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් සමන්ත මහතා අත්අඩංගුවට ගෙන තිබේ.




ජගත් සමන්ත ඉන්ධන පිරවුම්හල අසලදී පුද්ගලයින් කිහිප දෙනෙකුට පහරදී ඇති අතර පොලිසියේ රාජකාරියටද බාධා කර තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට පහරදී අලාභ හානි සිදුකිරීමේ චෝදනාව මත ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා පසුගිය අප්‍රේල් මාසයේදීද අත්අඩංගුවට ගනු ලැබුවෙකි.
මොහු ඇප මත නිදහස්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ සොයුරෙකි.