
පුවත්පත් කතුවරුන් සමග කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදි අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පුවත් පත් කතුවරුන් සමඟ පැවති සාකච්ඡාවක දී අග්‍රාමාත්‍ය උපදේශක සාගල රත්නායක මහතා පවසා සිටියේ ජුලි මස 22 දෙවැනි දින දක්වා තෙල් සංස්ථාවට පෙට්‍රල් නෞකාවක් සොයාගත නොහැකි බවයි.
කෙසේ වුවද එදිනට පෙර ඉන්ධන නැවක් හෝ දෙකක් ලබා ගැනීමට උත්සාහ ගනිමින් සිටින බවද ඔහු පැවසීය.
ඩීසල් සදහා මුදල් තිබුනද රුසියා යුක්රේන අර්බුදය නිසා නැව් සොයා ගැනීමේ ගැටළුවක් පැන නැගී ඇතැයිද ඔහු පැවසුවේය.
Comments
Post a Comment
Your comment will be visible after approval