ranjan-court

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ සිව්වසරක සිර දඩුවමක් විඳිමින් සිටින රන්ජන් රාමනායක ඔහුට එරෙහිව දෙවන වරටත් තවත් අධිකරණ අපහාස නඩුවකට චූදිතයෙකුවී සිටින අතර අද ඔහු ඒ නඩුවේ පෙනී සිටීමට ශ්‍රේෂ්ඨාධිකරණයට සිරේ සිට පැමිණ තිබුණි..අධිකරණය ලබා දෙන තීන්දු පිළිබඳ රූපවාහිනී සාකච්ඡාවක දී සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මෙම නඩුවට වස්තු විය.




අද ලැබුණ මෙම නඩුවේ තීන්දුව අනුව රන්ජන් වැරදි කරු වූයේය. නමුත් ඔහුට තීන්දුව ලෙස වසර දෙකක සිරදඩුවමක් වසර 5 කට අත්හිටුවා දඩුවම් ලැබුණි. ඒ අනුව ඔහුට සිරගතවීමට අවශ්‍ය නැති අතර එය අධිකරණයෙන් ඔහුගේ කල්ක්‍රියාව වසර  5 ක්තිස්සේ අධීක්ෂණයට ලක්කර වැරදි දෙයක් යළි කීවොත් පමණක් සිරගත කරන තීන්දුවක් බවට පෙරැළිණි.
මේ හේතුවෙන් යම් හෙයකින් ඉදිරි කාලයේ රන්ජන්ට ජනපති සමාව ලැබුණොත් නිදහස් විය හැකි අතර මෙම නඩුවේ තීන්දුව බලපෑමක් ඇති කරන්නේ නැත.