putin-cancer

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ පිළිකාව දරුණු ලෙස පැතිර ගොස් ඇති බවත්, වෛද්‍යවරුන් පවසන ආකාරයට පුටින්ට ජීවත් වීමට ඇත්තේ තවත් වසර 3 ක් පමණක් බවත් රුසියන් බුද්ධි අංශ නිලධාරියකු කළ අනාවරණයක් උපුටා දක්වමින්, බ්‍රිතාන්‍යයේ 'ද ඉන්ඩිපෙන්ඩන්ට්' පුවත්පත පවසයි. ‘ද ඉන්ඩිපෙන්ඩන්ට්' පුවත්පතට පුටින් සම්බන්ධයෙන් මෙම තොරතුරු හෙළි කර ඇත්තේ,



ොරිස් කාරිපිචෝව් නමැති රුසියන් බුද්ධි අංශයේ හිටපු නිලධාරියෙකි. ජනාධිපති පුටින් සම්බන්ධයෙන් රහස් රැසක් තමන් දන්නා බව බොරිස්  කාර්පිචෝව් ‘ද ඉන්ඩිපෙන්ඩන්ට්' පුවත්පතට පවසා තිබේ. බොරිස් කාර්පිචෝව් ජීවත් වන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවරය. රුසියන් ජනපතිවරයා දරුණු හිසරදයකින් පෙළෙන බව ද බොරිස් කාර්පිචෝව් පැහැදිලි කර තිබේ.  

ෙපුටින් පිළිකා රෝගියකු බවත්, ඔහුට සැත්කමක් සිදු කිරිමට නියමිත බවත් මීට පෙර ද ඉන්ඩිපෙන්ඩන්ට්' ඇතුළු බටහිර මාධ්‍ය රැසක් ලොවට අනාවරණය කර තිබුණි. පුටින් රෝගියකු බව පෙන්වමින් ඡායාරූප පවා පළ කෙරුණි. දරුණු පිළිකා රෝගියකු යැයි බටහිර මාධ්‍ය වාර්තා කළත්,

පුටින්ට කිසිදු රෝගයක් නොමැති බවත්, ඔහු හොඳ සෞඛ්‍ය  තත්වයකින් පසුවන බවත් රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් අවධාරණය කර තිබේ. ජනාධිපති පුටින් රුසියාවට නායකත්වයක් දෙන්නේ, දශක  දෙකක් තිස්සේස්ය. පසුගිය ඔක්තෝබර් මාසයට, පුටින්ගේ 70  වැනි ඡන්ම දිනය යෙදී තිබුණි. එදා සිට සෑම දිනකම පුටින් ප්‍රසිද්ධියේ පෙනී සිටි බවත් ඔහුට කිසිදු රෝගී තත්වයක් නැති බවත් විදේශ අමාත්‍ය ලැව්රෝව් පවසා තිබේ.

රුසියන් ජනාධිපති පුටින්ගේ පෞද්ගලික ජීවිතය ගැන හෝ ඔහුගේ සෞඛ්‍ය ගැන හෝ දන්නේ පුටින් සහ ඔහුගේ සමීපතමයන් එක්කෙනකු හෝ දෙන්නකු පමණි. පුටින්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් කිසිවකු කතා කරන්නේ ද නැත. විදේශ ඇමැති ලෙස කටයුතු කරන සර්ගේ ලැව්රෝව් පුටින් හිතවාදියකු වුවත්, පුටින්ගේ සමීපතමයකු නොවන බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.