police-granted-minimum-power-after-fuel-tense-incidents

ඉන්ධන හිඟය හේතුවෙන් මතුවන නොසන්සුන්කාරී ලෙස හැසිරීමේ සිද්ධීන් පාලනය කරන්නට අවම බලය යොදවන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශය ශ්‍රී ලංකා පොලිසියට උපදෙස් නිකුත් කර තිබේ.


ඉන්ධන පිරවුම්හල් ආසන්නයේ හා ඉන් පිටත ඊයේ (ජුනි 18) දිනයේදී සිදුවීම් දෙකක් වාර්තා වීම විශේෂත්වයකි.


ජනතාව පැය ගණනාවක් පෝලිම්වල සිට ඉන්ධන ලබා ගැනීමට බලා සිට කලහ කිරීමේදී
මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසලදී යුද හමුදා සාමාජිකයින් අහසට වෙඩි තබා ඇත.
අතුරුගිරිය, ලංකා ඉන්දියන් ඔයිල් කෝපරේෂන් ඉන්ධන පිරවුම්හල අසලදී සිවිල් වැසියන් සහ පොලිසිය අතර ගැටුමක් ඇති වී තිබුණි.
පොලිසිය පවසන්නේ පුද්ගලයින් ඉන්ධන පිරවුම්හලට ගිනි තැබීමට උත්සාහ කළ බවත් එවැනි තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා පොලිසියට ප්‍රතිචාර දැක්විය යුතු බවත්ය.

ශ්‍රී ලංකාවේ පෙට්‍රල්, සුපර් ඩීසල් සහ භූමිතෙල් මුලුමනින් පාහේ අවසන් වී ඇති බැවින් දිවයින පුරා විවිධ ඉන්ධන පිරවුම්හල්වල නොසන්සුන්කාරී තත්ත්වයන් වාර්තා වෙමින් පවතී