peradeniya-university-closed

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු නවතා දැමීමට පියවර ගත් බව උපකුලපති එම්.ඩී. ළමාවංශ මහතා දන්වා තිබේ.


පේරාදෙණිය සරසවියේ සිසුන් වැඩි පිරිසක් සරසවියට යාබද නේවාසිකාගාරවල වාසය කරන බැවින් ඉන්ධන හිඟය මත ප්‍රවාහන ප්‍රශ්නය අනෙක් විශ්ව විද්‍යාලවලට සාපේක්ෂව අඩුමට්ටමක පවතින නමුත්
උපකුලපතිවරයා පවසා ඇත්තේ ඉන්ධන අර්බුදය මෙන්ම ගෑස් අර්බුදය නිසා ආපනශාලා පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි.


සියලුම අධ්‍යයන කටයුතු සහ විභාග තාවකාලිකව නවතා දමා ඇති අතර සිසුන්ට නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙස දැනුම් දී ඇත.
පසුගිය කාලයේ වසංගතය හේතුවෙන් සරසවි වැඩි කාලයක් වසාදමා තිබූ අතර නැවත ඒවා විවෘත කිරීමේදී ඒ ඒ සරසවි වල පීඨ විවෘත කොට තැබීම හෝ නොකර තැබීමේ බලය උපකුලපතිවරුන්ට පවරා තිබුණි.
කොරෝනා සමයේ සිට ඇතැම් සරසවි පීඨ තවම විවෘත කර නැති අතර මෙයට විරෝධය පා අන්තර් විශ්ව විද්‍යාල සිසුන් කොළඹදී උද්ඝෝෂණයක්ද පවත්වා තිබුණි.
දැනට වසාදැමීමේ තීරණය පේරාදෙණිය සරසවිය ලබාගෙන ඇති අතර අනෙක් සරසවිද මෙය අනුගමනය කරනු ඇතැයි වාර්තා පළවෙමින් තිබේ.