dhammika-perera-court

ව්‍යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම් පහක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල බහුතර මතයෙන් තීන්දු කර තිබේ.





අද දෙවන දිනට මෙම පෙත්සම් සලකා බැලීම ප්‍රියන්ත ජයවර්ධන, යසන්ත කෝදාගොඩ සහ අනිල් ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සිදුකරද්දී මෙම තීරණයට එළැඹිණි.
ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා නිවේදනය කළේ අදාළ පෙත්සම් සියල්ල බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත විභාගය සඳහා අවශ්‍ය තරම් කරුණු නොමැතිවිම මත අවසර දීම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළ බවයි.



මින් ඉහත ධම්මික පෙරේරා මහතා පවසා තිබුණේ මෙම පෙත්සම් සම්බන්ධ තීන්දුව මත මන්ත්‍රී ධූර හෝ ඇමති ධූර භාරගැනීම සලකන බවයි.
මේ අනුව ධම්මික පෙරේරා හෙට හෝ අනිද්දා මන්ත්‍රී හා ඇමති ධූරවල දිවුරුම් දෙනු ඇත.